Friday, May 16, 2025
Home » වවු­නි­යා­වෙන් ඔස්ට්‍රේ­ලි­යා­වට පැන්න තරු­ණ­යකු පිටු­ව­හල් කිරී­මට නියෝග

වවු­නි­යා­වෙන් ඔස්ට්‍රේ­ලි­යා­වට පැන්න තරු­ණ­යකු පිටු­ව­හල් කිරී­මට නියෝග

by damith
October 19, 2024 1:15 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

බෝට්ටු­ව­කින් ගොස් ඔස්ට්‍රේ­ලි­යා­වට නීති විරෝධී ලෙස ඇතුළු වී එරට සර­ණා­ග­ත­භා­වය ඉල්ලා සිටි වවු­නි­යාවේ තරු­ණ­යෙ­කුව ආපසු එර­ටින් පිටු­ව­හල් කිරී­මට ඔස්ට්‍රේ­ලි­යානු බල­ධා­රින් පෙරේදා (17) තීර­ණය කොට තිබේ.

වවු­නි­යාවේ ජීවත් වීම ඔහුගේ ජීවි­ත­යට විශාල තර්ජ­න­යක් බව වවු­නි­යාවේ සිට පලා ගිය 26 හැවි­රිදි ඇන්ටන් රාජා නමැති මෙම තරු­ණයා ඔස්ට්‍රේ­ලි­යානු බල­ධා­රින්ට ප්‍රකා­ශ­කොට තිබේ.

නමුත් ඔහු ගැන එරට බල­ධා­රින් සිදු කළ පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත්තේ ඔහු වවු­නි­යාවේ සිට රජ­යට එරෙ­හිව විරෝ­ධතා රැසක් දියත් කළ එක් දෙමළ දේශ­පා­ලන පක්ෂ­යක ක්‍රියා­කා­රි­ක­යකු බවයි. ඒ අනුව ඔහුව මේ මස 23 වැනිදා ආපසු ශ්‍රී ලංකා­වට පිටු­ව­හල් කිරී­මට ඕස්ට්‍රෙ­ලි­යානු රජය තීර­ණය කොට ඒ බව ශ්‍රී ලංකා රජ­යට හා තරු­ණ­යාගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.

එතෙක් ඔහුව ඔස්ට්‍රේ­ලි­යානු සර­ණා­ගත කඳ­වු­රක දැඩි රැක­වල් මත රඳවා තැබී­ම­ටද පිය­වර ගෙන තිබේ.

මේ පුද්ග­ලයා මීග­මුවේ ව්‍යාපා­රි­ක­යෙ­කුට රුපි­යල් ලක්ෂ 25ක මුද­ලක් ගෙවා බෝට්ටු­වක ආධා­ර­යෙන් ඔස්ට්‍රේ­ලි­යා­වට පලා ගිය බවට ඔහු එහි සිට පවුලේ ඥාතීන්ට දැනුම් දුන් බව වවු­නි­යාවේ සිටින ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කොට තිබේ.

පොලි­සිය එම පවුලේ සාමා­ජි­ක­යි­න්ගෙන්ද ප්‍රකාශ සට­හන් කර­ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT