දකුණු ආසියා කාන්තා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තාවෝ මුහුණදුන් පළමු තරගය 1-0ක් ලෙස ජය ගැනීමට සමත් වෙති. නේපාලයේ කත්මණ්ඩු නුවර දසරාත් ක්රීඩාංගණයේ ඊයේ පැවති මේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ ඉමේෂා වර්ණකුලසූරිය 17 වැනි මිනිත්තුවේදී රැස් කළ ගෝලයෙන් මාලදිවයිනට එරෙහි ශ්‍රී ලංකා ජය මාවත විවර විය.
මාලදිවයින කාන්තා පිල වසර 2018දී අවසන්වරට ශ්‍රී ලංකාව සමඟ තරග කළ අතර, එහිදී ගෝල් 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වූවේය. එබැවින් වසර 6කට පසු ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල මාලදිවයින පරාජය කිරීමට සමත්වීම විශේෂත්වයකි.
පුහුණුකරු මොහොමඩ් හසන් රූමි මහතාගේ පුහුණුව යටතේ හා තුෂාණි මධුෂිකාගේ නායකත්වය යටතේ පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල තරගයේ ආරම්භයේ සිට ප්රතිවාදීන්ට තර්ජන ගෙන ආවේය. ශ්‍රී ලංකා ක්රීඩිකාවෝ ගෝල් කීපර් වෙතට ප්‍රහාර 9ක් එල්ල කළ අතර, මාලදිවයින පහර 2ක් එල්ල් කළේය. ශ්‍රී ලංකාවට කෝනර් පහරවල් 11ක් හිමිවෙද්දී මාලදිවයිනට කෝනර් පහර 2ක් හිමිවූ අතර, නීති විරෝධී ක්‍රීඩාව වෙනුවෙන් යෙලෝ කාඩ් ප්රදර්ශනයවීමක් මේ තරගයේදී දක්නට නොලැබීම විශේෂත්වයකි.