Home » ඉන්දියාවේ ‘කල්පේනි’ කොළඹට ඇවිල්ලා

ඉන්දියාවේ ‘කල්පේනි’ කොළඹට ඇවිල්ලා

by chanaka
October 20, 2024 11:46 am 0 comment

ඉන්දීය නාවික හමුදාවට අයත් අයිඑන්එස් කල්පේනි (INS Kalpeni)නෞකාව ඊයේ (19) කොළඹට සේන්දු වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අණදෙන නිළධාරී, කමාන්ඩර් සුනිල් කුල්හාරි සහ බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මෙම නෞකාව රැදී සිටින කාලය තුළ හමුවීමට නියමිතය.

INS Kalpeni යනු ඉන්දියානු නාවික හමුදාවේ Car Nicobar-class Waterjet FAC පන්තියේ නෞකාවක් වන අතර එය 2010 ඔක්තෝබර් 14 දින පළමුවරට දියත් කර ඇත.

මෙම නෞකාව ලක්ෂද්වීප් දූපත් සමූහයේ කල්පේනි දූපත අනුව නම් කර ඇත.

වෙරළ නිරීක්ෂණ සහ ආරක්‍ෂාව යන මූලික කාර්ය භාරය සමඟින් නෞකාව කොචි හි ස්ථානගත කර තිබේ. මෙම නෞකාව ජාවාරම් මර්දන, යාත්‍රාවලට ගොඩවීම, සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂීකරණය වේ.

නෞකාව 2024 ඔක්තෝබර් 19 සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳීසිටී.

නෞකාව මගින් අත්‍යවශ්‍ය තාක්ෂණික ආධාරක මෙවලම් රැගෙනවිත් ඇති අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීමට නියමිතය.

පහසුකම් ලබාගැනීමේ කටයුතුවලට අමතරව, නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ සහ ඒ අවට වැදගත් ස්ථාන නැරඹීමට ද නියමිතය.

මෙවැනිම වර්ගයේ ඉන්දීය නෞකාවක් වන INS Kabra,2024 ජනවාරි මාසයේදී කොළඹට පැමිණ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට අමතර කොටස් භාරදුන් බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිහිපත් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT