173
හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (19) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ගින්නෙන් එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වු පියා, වයස අවුරුදු 40 ක් වු මව සහ ඔවුන්ගේ වයස අවුරුදු 15 ක් දියණිය බවයි.
ජීවිතක්ෂයට පත් වූ තිදෙනාගේ මෘත ශරීර තවමත් එම නිවස තුළ ඇති බවට තොරතුරු වාර්තා වේ.