නුවරඑලියේ පිහිටි රජයේ නිවාඩු නිකේතනයක ඊයේ(19) පැවැත්විමට සුදානම් කර තිබු ෆේස්බුක් සාදයකට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ සිටි තරුණයන් 31 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑලිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ෆේස්බුක් සාදය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් සහභාගි වන බවට ලද තොරතුරක් මත නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ උපදෙස් පරිදි නුවරඑලිය නගරයට පිවිසෙන සියළුම මාරවල පොලිස් කණ්ඩායම් 08 ක් යොදවා සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී අයිස්, මත්පෙති, මත්වෙන මුද්දර ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ සිටි තරුණයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.