Sunday, May 11, 2025
Home » මැතිවරණ කොමිසම ගුවන් කාලයට කුසපත් අදී

මැතිවරණ කොමිසම ගුවන් කාලයට කුසපත් අදී

by chanaka
October 21, 2024 10:20 am 0 comment

පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමේ කුසපත් ඇදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, නාම යෝජනා පත්‍රයක් භාරදී ඇති සෑම පිළිගත් දේශපාලන පක්ෂයකටම හෝ ස්වාධීන කණ්ඩායමකටම ගුවන් ප්‍රචාර පහසුකම් ලබා දිය යුතු බවයි.

ඒ සඳහා කුසපත් ඇඳීමේ කටයුතු හෙට(22) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ඒ සඳහා 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වලංගු නාම යෝජනා පත්‍ර භාරදී ඇති පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට හෝ ලිඛිතව බලය පැවරූ නියෝජිතයින්ට සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ට හෝ ලිඛිතව බලය පැවරූ නියෝජිතයින්ට පමණක් සහභාගි විය හැකි බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT