රත්මලාන ඩිපෝවට අයත් ලංගම බස් රථයකින් නීති විරෝධි මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි එහි රියැදුරා නීති විරෝධි මත්පැන් ලීටර 300ක්ද සමඟ පාණදුර නගරයේදී අත්අඩංගුවට ගත් බව පාණදුර දකුණ පොලීසිය කියයි.
ලංගම බස් රථයකින් නීති විරෝධි මත්පැන් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව පාණදුර දකුණ පොලීසියේ නිලධාරීන් පාණදුර නගරයේදී අලුත්ගම සිට කොළඹ බලා එන ලංගම බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි ඉදිරිපස නාමපුවරු රඳවනය තුළ සූක්ෂ්ම ආකාරයෙන් රඳවා තිබූ නීති විරෝධි මත්පැන් ස්පීතු තොගය සොයාගැනීමට හැකි වූ බව පොලීසිය කියයි. ප්ලාස්ටික් බෝතල් 5ක එම මත්පැන් තොගය තිබූ බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගනු ලැබූ රියැදුරු වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පාණදුර දකුණ පොලීසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) උපුල් ප්‍රියංකර නාවුල්ගේ මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති (උ. පො.ප) අමරජිත් 62378 දම්මික මහත්වරු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක