Sunday, May 11, 2025
Home » ලලිත් කන්නන්ගරගේ මෙරට මත් වෙළෙඳාමේ නියුතු 2ක් දැලේ

ලලිත් කන්නන්ගරගේ මෙරට මත් වෙළෙඳාමේ නියුතු 2ක් දැලේ

by sachintha
October 21, 2024 1:58 am 0 comment

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සහ කොල්ලකෑම් සිදු කරන දෙදෙනකු හෙරොයින් මත්ද්‍රව්‍යද සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා (18) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත හංවැල්ල පොලිස් වසමේ ලබුගම මාර්ගයේ නිරිපොලට හැරෙන ස්ථානයේදී සිදු කළ මේ වැටලීමේදී මෙසේ අත්අඩංගුවට පත් එක් අයකු නඩු කිහිපයක් සඳහා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ඇති හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක පුද්ගලයකු වන අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑ. 4යි මි.ග්‍රෑ. 950ක්ද තිබී ඇත. අත්අඩංගුවට පත් අනෙක් තැනැත්තා‍ හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක පුද්ගලයකු වන අතර, ඔහු සතුව හෙරොයින් ග්‍රෑ. 4 මි.ග්‍රෑ. 980ක් සමඟද තිබී ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් හංවැල්ල පොලිස් ස්ථානයට භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය ගෝණහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීර මහතාගේ මඟපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යූ.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය ගෝණහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT