Sunday, May 11, 2025
Home » සියරාලියෝන් ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක

සියරාලියෝන් ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක

by sachintha
October 21, 2024 1:57 am 0 comment

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය ජනාධිපතිවරයා ලෙස සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා ඊයේ (20) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු සමඟ දූත පිරිස ලෙස තවත් 9 දෙනෙක්ද පැමිණ සිටියහ. ඔවුන් සියරාලියෝන් රාජ්‍යයට අයත් 9 එච්.වී.11 දරන ගුවන් යානයෙන් ඊයේ (20) පස්වරු 5.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූහ. ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ පර්යන්තට පැමිණ සිටියහ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT