පාස්කු දා ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් මේ ගැන හොයමු යැයි අපි එදා කී විට මාලිමාව පැවැසූවේ පාස්කු දා ප්‍රහාරය රාජපක්ෂලා සම්බන්ධ ක්‍රියාවක් යනුවෙන් යැයි හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවැසූවේය. හිටපු ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ අක්මීමන, වලහන්දූව ප්‍රදේශයේදී පැවැති පාක්ෂික හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අපි එදත් ජනතාව වෙනුවෙන්, සාධාරණය වෙනුවෙන් කටයුතු කළා. 2021 අන්තිම කාලෙ, 2022 මුල රට කඩාගෙන වැටෙනවා කියද්දී ඒවා නෑහුණා වාගේ හිටියා විතරක් නෙවේ පක්ෂයක් විදිහට එවකට සමගි ජන බලවේගයේ නායකත්වයට කිව්වා මේ තත්ත්වය. ඒත් සමගි ජන බලවේගයේ නායකයන් ගණන් ගත්තේ නෑ. හරීනුත් මමත් කිව්වා මේ වෙලාවෙ රට වැටෙනවා, මිනිස්සු පීඩාවට පත්වෙනවා අපි එකමුතු වෙමු කියලා. ඒ අය කිව්වේ කොහොමද අපි ගෝඨාභයලත් එක්ක එකතු වෙන්නේ කියල. කොහොමද අපි ඒ අය එක්ක ආණ්ඩු කරන්නේ කියලා. ආණ්ඩු කරන එක නෙමෙයි, මිනිස්සු මැරෙනවා පාරවල්ගානෙ. මිනිස්සු පෝලිම්වල ගහමරා ගන්නවා. දරුවන් බෙහෙත් නැතිව මැරෙනවා.
අක්මීමන විශේෂ – සුනිල් ගමගේ