Home » කල්පිටිය නිර්මල මාතා විදුහලට සමස්ත ලංකා මලල ක්‍රීඩා පළමු ජය මලිත්ගෙන්

කල්පිටිය නිර්මල මාතා විදුහලට සමස්ත ලංකා මලල ක්‍රීඩා පළමු ජය මලිත්ගෙන්

by sachintha
October 21, 2024 1:27 am 0 comment

 

 

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උලෙළේදී අවුරුදු 18න් පහළ බාලක මීටර් 100 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පුත්තලම කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ කල්පිටිය නිර්මල මාතා ජාතික පාසලේ ඩබ්ලිව්.ටී.ඩී. මලිත් තරුෂාන් සමත් විය. එම තරගයේදී ඔහු තත්පර 10.96කින් තරගය නිමා කළේය.

වසර 61ක කල්පිටිය නිර්මල මාතා ජාතික පාසලේ ඉතිහාසයේදී එම විදුහලට සමස්ත ලංකා මලල ක්‍රීඩා ජයග්‍රහණයක් හිමි වූ පළමු අවස්ථාව මෙය බව ආචාර්ය මණ්ඩලය පවසයි.

17 හැවිරිදි මලිත් තරුෂාන් කලා විෂයයෙන් උසස් පෙළ හදාරමින් සිටින අතර, විදුහලේ ක්‍රීඩා භාර ආචාරිනී හර්ෂණී රාජපක්ෂ මහත්මිය සහ ක්‍රීඩා පුහුණුකරු චාමර නුවන් ගමගේ මහතා මේ ජයග්‍රහණය පසුපස සිටියහ.

කුඩා කාලයේදීම මව අතහැර ගිය ඔහු සිය පියා වන අමිත් කුමාර සමඟ කල්පිටිය කුරක්කන්හේන ගමේ ජීවත් වන අතර, ඔහු බහුදින යාත්‍රා ධීවරයකු ලෙස කටයුතු කරයි.

කල්පිටිය සමූහ-කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT