Friday, May 2, 2025
Home » ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව කිරීමේ අපේක්ෂාවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ළඟදීම

ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව කිරීමේ අපේක්ෂාවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ළඟදීම

-ජනපති හෝමාගමදී කියයි

by sachintha
October 22, 2024 1:51 am 0 comment

‘ක්ලීන් ශ්‍රී ලංකා’’ නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඒ සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ගොඩනඟන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා දියත්කරන මෙම ව්‍යාපෘතිය සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ ඒ සඳහා දායක විය හැකි සියලු දෙනාට දායක විය හැකි අරමුදලක් නිර්මාණය කිරීමට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සෑම ගඟක්, ඇළක්, වෙරළක්, පාරක්, මංමාවත් ඇතුළු සෑම ස්ථානයක්ම එමඟින් පිරිසිදුභාවයට පත්කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ආසියානු කලාපයේ පිරිසිදුම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පැවසීය. එසේම පරිසරය පැත්තෙන් පමණක් නොව සෑම පැත්තකින්ම පිරිසිදු වූ සමාජයක් ගොඩනැඟීමද ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තුළින් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ, පෙරේදා(20) හෝමාගමදී පැවැති ජාතික ජන බලවේගයේ මැතිවරණ රැළියක් අමතමිනි.

 

උපාලි කරුණාරත්න,

මීගොඩ බී.කේ කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT