Home » HNB FINANCE නවතම රන් ණය මධ්‍යස්ථානය ඇඹිලිපිටියේදී විවෘත වෙයි

HNB FINANCE නවතම රන් ණය මධ්‍යස්ථානය ඇඹිලිපිටියේදී විවෘත වෙයි

by sachintha
October 22, 2024 1:28 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා නොම්මර 59, රත්නවීර ගොඩනැඟිල්ල, ප්‍රධාන වීදිය, ඇඹිලිපිටිය යන ලිපිනයෙහි පිහිටා ඇති HNB FINANCE ඇඹිලිපිටිය ශාඛා පරිශ්‍රයේදී විවෘත වූ අතර රන් ණය සේවාවට අමතරව සමාගම මඟින් ලබා දෙන ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ව්‍යාපාරික ණය, නිවාස ණය ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් ඇඹිලිපිටිය ශාඛාව තුළින් ද ලබා ගත හැකි වනු ඇත.

රන් ණය සඳහා ඇඹිලිපිටිය සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් HNB FINANCE විසින් පුද්ගල අවශ්‍යතා අනුව වෙනස් වන රන් ණය සේවාවන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර මේ අතුරින් Gold Loan, රන් භාණ්ඩ මිල දී ගැනීමේ ආයෝජන සැලසුම වන Gold Plan, සහ VIP Gold Loan යන රන් ණය සේවාවන් විශේෂයෙන් හඳුන්වාදිය හැකිය. රන් පවුමක් සඳහා වැඩිම අත්තිකාරම් මුදලක් අවම පොලියක් යටතේ ඉතා කෙටි කලකදී ලබා ගැනීමට HNB FINANCE Gold Loan සේවාව මඟින් ඉඩකඩ සැලසෙන අතර අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත විශ්වාසවන්ත, ආරක්ෂාකාරි ගනුදෙනුවක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහා මෙම නව රන් ණය සේවා ඒකකය කදිම විසඳුමක් වනු ඇත.

HNB FINANCE ඇඹිලිපිටිය රන් ණය මධ්‍යස්ථානය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ.

“HNB FINANCE ඇඹිලිපිටිය රන් ණය මධ්‍යස්ථානය මඟින් ලබා දෙන රන් ණය සේවා ඇතුළුව පොදුවේ HNB FINANCE සමාගම මඟින් ලබා දෙනු ලබන සියලුම මූල්‍ය පහසුකම් සමඟ වඩාත් ප්‍රශස්ත මූල්‍ය සේවා අත්දැකීමක් ලබා ගැනීමට ඇඹිලිපිටිය සහ ඒ අවට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. HNB FINANCE හි සියලුම මූල්‍ය සේවා පාරිභෝගික අවශ්‍යතා අනුව සකසා ගත හැකි බැවින් අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ පවා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින මූල්‍ය සමාගමක් බවට පත් වීමට අපට හැකි වී තිබෙනවා. පාරිභෝගික සේවා විශිෂ්ටත්වයෙහි කැපවීම ඇඹිලිපිටිය ශාඛාව තුළින් ද අත්විඳීමට හැකි බව මම විශ්වාස කරනවා” යනුවෙන් HNB FINANCE හි රන් ණය අංශ ප්‍රධානී ලක්ෂ්මන් රණසිංහ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT