මහනුවර ගම්පොල පිහිටි Uplands තේ කර්මාන්ත ශාලාව PKE1 තේ ශ්‍රේණ සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 2,800ක් හිමිකර ගනී. පසුගිය ඔක්තෝබර් 15 සහ 16 යන දිනවල පැවති වෙන්දේසියේදී මධ්‍යම වගා කාණ්ඩයේ BOP ශ්‍රේණියක් සඳහා හිමිවතිබුණේ කිලෝවක් රුපියල් 2,200කි. මෙම මුදල upland සමාගම පෙර වාර්තාකළ PKE1 ශ්‍රේණිය සඳහා හිමිකරගත් 2,550 මුදල හා සසඳනවිට සැලකිය යුතු ජයග්‍රහණයකි.
Uplands Tea Factory හි හිමිකාරීත්වය P. Sawarimuttu Retti & Sons Ltd. සතු වන අතර, තේ වෙන්දේසි සඳහා උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනය කිරීමට කණ්ඩායමක් ලෙස කැපවීමෙන් කටයුතු කරයි. මෙම තේ මිලදී ගෙනඇත්තේ M/S Shan Teas Ltd විසිනි. අලෙවිය මර්කන්ටයිල් ප්‍රොඩූස් බ්‍රෝකර්ස් ලිමිටඩ් විසින් සිදු කරන ලදී.