පැල්වත්ත කිරි කර්මාන්තායතනය විසින් ලෝක ළමා දින සැමරුමට සමගාමීව වනාතමුල්ල (සිරිසර උයන), මට්ටක්කුලිය සහ දෙමටගොඩ (මිහිඳුසෙන් පුර) ප්රදේශවල දරුවන් හට අප්රමාණ සතුටක් භුක්ති විඳීමේ අවස්ථාව ලබා දෙමින් සුවිශේෂී ක්රියාකාරකම් කිහිපයක් සංවිධාන කර තිබුණි. ඔක්තෝබර් 05 වන දින පැවති මෙම උත්සවයේ දී විචිත්රවත් අයිස්ක්රීම් ට්රක් රථයකින් විවිධ රස රැසකින් යුත් පැල්වත්ත අයිස්ක්රීම් පෙළක රසවත් අත්දැකීම දරුවන්ට බෙදාදීමට කටයුතු කෙරුණි. එමෙන්ම සියලුම වයස් කාණ්ඩවල ළමුන් සම්බන්ධ කරගනිමින් විනෝදාස්වාදය සඳහා නිර්මාණය කළ විවිධ විනෝද ක්රීඩා සහ ක්රියාකාරකම් රැසකින් ද දිනය අරුත්ගැන්විණි.
අපට හුරු පුරුදු රසයන්ගේ සිට අද්විතීය රස රැසක් බෙදා දුන් පැල්වත්ත අයිස්ක්රීම් ට්රක් රථය මිහිරි සංග්රහයන්ගෙන් පිරුණු අමතක නොවන අත්දැකීමක් දරුවන්ට ලබා දෙන ලදි. ඔවුන්ගේ ප්රියතම අයිස්ක්රීම්වලට අමතරව, නිර්මාණශීලිත්වය, කණ්ඩායම් ක්රියාකාරකම් සහ සතුටු සිනහවෙන් පිරි අන්තර්ක්රියාකාරී ක්රීඩා සහ ක්රියාකාරකම් රැසකට සහභාගීවීමේ අවස්ථාව දරුවන්ට ලැබුණි. මෙම ක්රියාකාරකම් සියල්ලම ක්රීඩාශීලිත්වය සහ අන්තර් සාමූහික ක්රියාකාරකම් දිරිමත් කිරීම සඳහා සැලසුම් කර ඇති අතර, සෑම දරුවකුටම නව මිතුරන් ඇති කර ගැනීමට සහ සදාකාලික සොඳුරු මතකයන් එකතු කරගැනීමට හොඳම අවස්ථාවක් විය.
“ළමා දිනය යනු ළමාවියේ ප්රීතිමත්භාවය සහ අවිහිංසකත්වය අපට මතක් කර දෙන සුවිශේෂී අවස්ථාවක්. දරුවන්ගේ මුහුණුවලට සිනහවක් ගෙනඒමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. ඔවුන්ගේ රස අංකුරයන් පමණක් නොව ආත්මයන් ද පෝෂණය කිරීම ඉතා වැදගත් වන බව පැල්වත්ත අපේ විශ්වාසයයි. අපගේ අසල්වැසියන් අතර ප්රීතිය සහ සම්බන්ධතාවන් පිළිබඳ ප්රසන්න හැඟීමක් ඇති කිරීම අපගේ මෙහෙවර වන අතර, මෙම ප්රජාවන්ගේ දරුවන් සහ පවුල් සමඟ එක්ව මෙම දිනය සැමරීමට හැකි වීම ගැන අපි සතුටු වනවා” යැයි පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ කළමනාකාර අධ්යක්ෂ අක්මාල් වික්රමනායක මහතා පැවසීය.