Monday, May 5, 2025
Home » ඒබී මෞරි තරු සම්මාන උලෙළ උත්කර්ෂවත්ව

ඒබී මෞරි තරු සම්මාන උලෙළ උත්කර්ෂවත්ව

by sachintha
October 22, 2024 1:35 am 0 comment

බේකරි අමුද්‍රව්‍ය සපයන්නන්ගේ ජාත්‍යන්තර ප්‍රමුඛයා වන ඒබී මෞරි සමාගම, “You Believe, You Win – 2024 ඒබී මෞරි තරු සම්මාන” උලෙළේදී සේවක කාර්ය සාධනය වෙනුවෙන් ගෞරව නාමයෙන් මෑතකදී පුදනු ලැබීය.

සමාගමේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, දක්ෂතා පෝෂණය කිරීමේ සහ විශිෂ්ටත්වයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් “2024 ඒබී මෞරි තරු සම්මාන උලෙළ” ග්‍රෑන්ඩ් මොනාක්හිදී උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. මෙම උලෙළේදී විවිධ කාණ්ඩවල සුවිශේෂී කුසලතා හඳුනාගත් අතර, ඒ සෑම එකක්ම විවිධ ජයග්‍රහණ ක්ෂේත්‍ර පෙන්නුම් කරනු ලබයි. මේවාට ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම සහ හතරවන මට්ටම, “SLIM NASCO” විකුණුම් තරග, කාර්යාල කාර්ය මණ්ඩල තරග, නිෂ්පාදන කාර්ය මණ්ඩල තරග සහ සේවා සම්මාන ඇතුළත් විය.

විකුණුම් කණ්ඩායම් සාමාජිකයින් තිදෙනෙකුට (NVQ – Baker Level III හා Level IV) ජාතික වෘත්තීය සුදුසුකම් පුහුණුව 3 වන මට්ටම සහ හතරවන මට්ටම සුදුසුකම් ලබාගැනීමට නායකත්වය සපයන ලදි. මෙම සුදුසුකම මඟින් පාරිභෝගික අවශ්‍යතා සහ බේකරි තාක්ෂණික අංග පිළිබඳව අවධානය යොමුකිරීමට ඉවහල් වන විශ්වාසය, දැනුම සහ කුසලතා ඔවුන්ට ලබාදීමට කටයුතු කරන ලදි.

තරඟකරුවන්ගේ ක්‍රියාකාරකම්, පාරිභෝගික කළමනාකරණය, ණය කළමනාකරණය, හොඳම සමස්ත ජයග්‍රාහකයා, ආරක්ෂිත ශූරයා සහ විකුණුම් කාණ්ඩ එනම් යීස්ට්, බේකරි අමුද්‍රව්‍ය සහ බේකරි සඳහා අමුද්‍රව්‍ය වැනි ක්ෂේත්‍රවල ඔවුන් විසින් දක්වන ලද පරිශ්‍රමයන් අවධානයට ලක්කරමින් විකුණුම් තරග සම්මාන උලෙළ හරහා විකුණුම් කණ්ඩායම් දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඒබී මෞරි ලංකා සමාගම “SLIM NASCO 2023” සම්මාන උලෙළේදී ද ඔවුන්ගේ කැපී පෙනෙන සාර්ථකත්වය වෙනුවෙන් උපහාරයට ලක්විය. ඉන්දික ප්‍රසාද් ධනපාල 2023 වර්ෂයේ සංස්ථාමය විකුණුම් පෙරටුගාමියා ලෙස රන් සම්මානය දිනා ගන්නා ලද අතර, ෂෙලින් ගුණසේකර 2023 වර්ෂයේ සංස්ථාමය විකුණුම් පිළිබඳ විකුණුම් විධායක ලෙස ලෝකඩ සම්මානයෙන් ද ඒ සුරේෂ්කරන් 2023 වර්ෂයේ සංස්ථාමය විකුණුම් පිළිබඳ පෙරටුගාමියා ලෙස රිදී සම්මානය සහ සුමුදු මධුරංග 2023 වර්ෂයේ විකුණුම් සහායක කාර්ය මණ්ඩලය සඳහා වන ලෝකඩ සම්මානය ද දිනා ගන්නා ලදි. මෙම ජයග්‍රහණ, තරු සම්මාන උලෙළේදී පිළිගන්වන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT