Home » වාද්දූවේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවියන් තිදෙනෙක් රෝහල් ගත කෙරේ

වාද්දූවේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවියන් තිදෙනෙක් රෝහල් ගත කෙරේ

by yasara
October 22, 2024 11:49 am 0 comment

වාද්දුව පොතුපිටිය ගාලු පාරේ අද (22) උදැසන  ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී පාසල් සිසුවියක  ඇතුළු තිදෙනකු සුළු තුවාල ලබා ඇති බව වාද්දුව  පොලිසිය පවසයි .

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ යතුරු පැදිකරු , පසුපස ගමන්ගත් පාසල් සිසුවිය සහ ත්‍රිරෝද රථ රියදුරු බව සදහන් වේ.

ත්‍රිරෝද රථය  පානදුර දෙස සිට කළුතර දෙසට පැමිණ ඇති අතර , ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදිය පූජාරාම විහාරස්ථානය ඉදිරිපිට දී මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙලිව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT