පොල්පිතිගම, මඩගල්ල, හල්මිල්ලගොල්ල වැව ගොඩ වීමෙන් ගොවිතැනට ප්‍රමාණවත් ජලය නොලැබීම නිසා එය ගැඹුරු කිරීමට සම්පත් බැංකුව ලක්ෂ 50ක ප්‍රතිපාදන වෙන් කර දී තිබේ. ඒ ‘වැවට ජීවයක්’ සංකල්පයට සමගාමීව මඩගල්ල පැරකුම් ගොවි සංවිධානය කළ ඉල්ලීමකට අනුවය. සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් මෙරට වැඩි දියුණු වන 27 වැනි වැව හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හයවැනි වැව මෙයයි. ඒ සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව තාක්ෂණික අනුග්‍රහය ලබා දෙන අතර, පැරකුම් ගොවි සංවිධානයේ ප්‍රජා දායකත්වය මත වැව ගැඹුරු කිරීම සිදු වේ. වයඹ පළාත් නියෝජ්‍ය ගොවිජන සේවා කොමසාරිස් දුෂානී වීරවර්ධන, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් ඩී.එම්. ශාන්ත දසනායක, අනුරාධපුර හිටපු මහ දිසාපති ආර්.එම්. වන්නිනායක, මොරගොල්ලාගම ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීනී මල්ලිකා මුතුනායක, සම්පත් බැංකුවේ මානව සම්පත් කළමනාකාර ආචාර්ය ලලිත් වේරගොඩ, පොල්පිතිගම ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ජයසූරිය හා ගොවි සංවිධානයේ ගොවීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
පොල්පිතිගම – නන්දන කැලේගම