Monday, May 12, 2025
Home » කසළ තේ කිලෝ 3000ක් ප්‍රවාහනය කළ රියැදුරු අත්අඩංගුවට

කසළ තේ කිලෝ 3000ක් ප්‍රවාහනය කළ රියැදුරු අත්අඩංගුවට

by sachintha
October 22, 2024 1:21 am 0 comment

සිලෝන් ටී නාමයෙන් මැදපෙරදිග රටවලට අපනයනය කිරීමට සූදානම් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රොඩු තේ හෙවත් කසළ තේ කිලෝ 3000ක් සහිත ලොරි රථයක් සමඟ එහි රියැදුරු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (20) මුල්ලේරියාව, කැලණිමුල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව බුද්ධි අංශ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කළ වැටලීමකදී මේ තේ කොළ අසුරා තිබූ උර 75ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියැදුරු පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පදිංචිකරුවෙක් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. තේ කොළ තොගය සමඟ ලොරි රථයත්, රියැදුරුත් වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසියට භාර දී ඇත.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT