Home » ඉඳිගහමුල ජනයාට මොනරුන්ගෙන් පීඩා

ඉඳිගහමුල ජනයාට මොනරුන්ගෙන් පීඩා

by sachintha
October 22, 2024 1:31 am 0 comment

කඩවත, කිරිල්ලවල, ඉඳිගහමුල ප්‍රදේශයේ නිදැල්ලේ හැසිරෙන මොනරුන් දසදෙනකුට අධික රංචුවක් ප්‍රදේශයේ නිවාසවල වහල මතට නැඟ ගැවසීම නිසා, එම නිවාසවල වහලවලට සෙවිලි කර ඇති උළුකැට සහ සෙවිලි තහඩු කැඩී යාමෙන් තමන් විවිධ ගැටලුවලට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. විට දිනෙන් දින මෙම මොනර රංචුවට තවත් මොනරුන් එක් වන අතර, එම මොනරුන් විසින් ප්‍රදේශවාසී ජනතාව සිදු කරන වගා කටයුතුවලට දැඩි හානි සිදු කරන බැවින් ප්‍රදේශවාසීහු විවිධ දුෂ්කරතාවලට ලක්ව සිටිති. මෙම මොනරු රංචුවට ප්‍රදේශයේ වාසය කරන ඇතැම් පුද්ගලයන්ගෙන් විවිධ අනතුරු සිදු වීමේ අවදානමක් මතුව පවතින බවට අනාවරණය විය. මෙම ප්‍රදේශයේ නිදැල්ලේ ගැවසෙන දසදෙනකුට අධික මොනර රංචුව අල්ලා ඔවුන් සුදුසු වන රක්ෂිතයක් වෙත මුදා හරින ලෙස ප්‍රදේශවාසී ජනතාව අදාළ අංශවලින් ඉල්ලා සිටිති.

මහර සමූහ ගණිඳු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT