44
ගංවතුරෙන් පීඩාවට පත් කොටුවිල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පසුගිය සෙනසුරාදා කොටුවිල ගාමිණී විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී චර්ම රෝග, පාචන රෝග, බෝවන රෝග ආදිය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර මී උණ රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ද ඖෂධ ලබා දීම සිදු කෙරිණි. ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සංවිධාන කරන ලද මෙම වැඩසටහනට සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල, ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චමින්ද හපුආරච්චි යන මහත්වරු ද සහභාගි වූහ.
මුල්ලේරියාව – සිරිසේන ගමගේ