Tuesday, May 6, 2025
Home » ක්‍රීඩාවේ ජනප්‍රියත්වයෙන් පාර්ලිමේන්තුවට ගිය ෂකීබ්ට ගමයි රටයි දෙකම නෑ

ක්‍රීඩාවේ ජනප්‍රියත්වයෙන් පාර්ලිමේන්තුවට ගිය ෂකීබ්ට ගමයි රටයි දෙකම නෑ

-බංග්ලාදේශ ධජයෙන් ක්‍රිකට් ඉවරයි

by sachintha
October 22, 2024 1:57 am 0 comment

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව මතුව ඇති විරෝධතා හේතුවෙන් සිය රටට නොපැමිණෙන බවත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීම අවසන් කරන බවත් සඳහන් කර සිටී. මේ හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට නම් කළද ඩකා හි මීර්පූර් ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භවූ දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගයට ෂකීබ් අල් හසන් සහභාගි නොවුණි.

මේ වනවිට ඩුබායිහි පදිංචිවී සිටින 37 හැවිරිදි ෂකීබ් අල් හසන් අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, මේ හේතුවෙන් ඔහුට එරෙහිව විවිධ චෝදනා හා විරෝධතා එල්ල විය. ඩුබායි සිට විශේෂ ප්‍රකාශයක් කරමින් සකීබ් අල් හසන් මාධ්‍යයට පැවැසූවේ මින්මතු බංග්ලාදේශයට පැමිණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි. අවාමි ලීග් පරිපාලනයට එරෙහි ශිෂ්‍ය නැගිටීම මධ්‍යයේ නැවත බංග්ලාදේශයට යෑමට ෂකීබ්ගේ කැමැත්තක් නැති අතර, ඔහු වෙනත් රටක ස්ථීර පදිංචියට සූදානම් වේ.

පසුගිය වකවානුවේ ෂෙයික් හසීනා රජයේ පාලක පක්ෂය සමග දේශපාලනයට සම්බන්ධවූ බැවින් රට තුළ ඔහුට දේශපාලනික විරෝධයක් ඉස්මතුව ඇත. ෂකීබ්ට එරෙහි විරෝධතා අතරතුර, ඔහු මිනීමැරුම් නඩුවකට සම්බන්ධ බවට චෝදනා එල්ල විය. ඔහුට නැවත බංග්ලාදේශයට පැමිණීමට වත්මන් පාලනය විසින් ආරක්ෂිත මාර්ගයක් ලබාදෙන බවට පොරොන්දු වූ නමුත් විරෝධතා යළිත් ඇවිළී ඇති බව පැවැසේ.

ෂකීබ්ට යළි බංග්ලාදේශයට පැමිණීමට නොහැකි වන පරිදි ඇතැම් විරෝධතාකරුවෝ මාස කිහිපයක් තිස්සේ උද්ඝෝෂණවල නිරතව සිටියහ. ‘මීර්පූර් චත්‍ර ජනතා’ නම් කණ්ඩායමක් පැවසුවේ ෂකීබ් ක්‍රීඩාංගණයට ඇතුළු වුවහොත් තමන් දැඩි ලෙස ප්‍රතිරෝධය දක්වන බවය.

ෂකීබ් අල් හසන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ෂීෂෙයික් හසීනා පක්ෂය වන අවාමි ලීගය යටතේ මගුරා – 1 මැතිවරණ කොට්ඨාශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්විය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT