Home » චීන-රුසියා ජනපතිවරුන් අතර හමුවක්

චීන-රුසියා ජනපතිවරුන් අතර හමුවක්

by chanaka
October 23, 2024 9:46 am 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා හමු වෙයි. ඒ ඊයේ(22) පස්වරුවේ රුසියාවේ Kazan හි Kremlin මාලිගාවේදී ය. බ්‍රික්ස් නායකයන්ගේ 16 වන සමුළුවට සහභාගී වීම සඳහා ෂී ජින් පිං මහතා රුසියාවට ගොස් සිටී.

බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණය වත්මන් ලෝකයේ නැගී එන වෙළඳපොළ රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සාමූහිකව සහයෝගීතා පැවැත්වීම සඳහා නිර්මාණය කළ වැදගත්ම වේදිකාවකි. එය සමානත්වයෙන් යුත් විධිමත් ලෝකයේ බහුධැවීයතාව සහ හවුල් ප්‍රතිලාභ මෙන්ම පරිපූර්ණත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය සාක්ෂාත් කරගැනීම ප්‍රවර්ධනය කරන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය.

අද(23) පැවැත්වීමට නියමිත බ්‍රික්ස් නායකයන්ගේ සමුළුව සාමාජික රටවල් සංඛ්‍යාව පුළුල් කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම සමුළුව වන අතර එය ‘පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවය’ ප්‍රවර්ධනය කිරීමෙහිලා වැදගත් අර්ථයක් සපයනු ඇති බව ද හෙතෙම පවසා ඇත.

බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණයේ ඉදිරි සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් බ්‍රික්ස් රටවල් අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා හා සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට ව්ලැඩිමීර් පුටින් මහතා ඇතුළු අදාළ රටවල නායකයන් සමග එක්ව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT