Home » බල්ලන්ගෙන් මුදාගත් කබැල්ලෑවා යළි කැලයට

බල්ලන්ගෙන් මුදාගත් කබැල්ලෑවා යළි කැලයට

by sachintha
October 23, 2024 1:29 am 0 comment

හසලක ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණ බල්ලන් රංචුවකට මැදිව තුවාල ලබා දැඩි සේ අසරණ ව සිටි කබැල්ලෑවකු එම බල්ලන්ගෙන් බේරාගෙන ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව වනාන්තරයට මුදා හැරීමට හසලක වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ දැඩි ආරක්ෂිත ක්ෂිරපායී සතකු වන මෙම සත්ත්වයා වේයන් ආහාරයට ගැනීම නිසා වනාන්තරයේ ශාක අනවශ්‍ය ලෙස දිරායාම පාලනය කරන බව මතයයි. මෙම සතාගේ කටු, කොරපොතුවල වාජීකරණ ගුණයක් තිබෙන නිසා අන්තර්ජාතික වශයෙන් තර්ජනයට ලක්ව තිබෙන සත්ත්වයෙක් (චීන ජාතිකයන්ගේ විශ්වාසයක්) බවත් කබැල්ලෑවා දහවල් කාලයේ ගුලකට වී ගත කරන අතර රාත්‍රියේ සැරිසරන නිශාචර සත්ත්වයකු බවත් අනතුරු තත්ත්වයක් දැන ගත් විට දී ක්ෂණිකව ගුළි වෙන එසේ නැත්නම් රෝල් වෙන සත්ත්වයකු බව හසලක අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ඒ. මහින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

කෘමි සතුන් පළිබෝධකයන් පාලනය කිරීමට මෙම සතාගේ දායකත්වය කියා නිම කළ නොහැකි බවත් තියුණු කොරපොතුවලින් සම වැසී ගිය මෙවැනි ක්ෂිරපායී සතුන් ලෝකයේ දැකිය නොහැකි තරම් බවත් මහින්ද මහතා පැවසීය.

හසලක සමුහ – ඊ. එම්. එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT