Home » කෝටි ගණනක ගජමුතු වංචාවක් තිස්සමහාරාමයේ දී  මාට්ටු

කෝටි ගණනක ගජමුතු වංචාවක් තිස්සමහාරාමයේ දී  මාට්ටු

by yasara
October 23, 2024 10:55 am 0 comment

වීරවිල  ගුවන් හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් තිස්සමහාරාම දෙබැරවැව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුකල වැටලිමකදී ගජ මුතු 06ක් සමග පුද්ගලයෙකු ඊයේ ( 22)  රාත්‍රි  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙල්ගහවත්ත, බෝවල උතුර, වලස්මුල්ල ලිපිනයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ගජමුතු හයක් රුපියල් කෝටි දෙක හමාරක මුදලකට අලෙවි කිරිම සදහා වලස්මුල්ලේ සිට තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයට පැමිණ ගැණුම්කරු පැමිණෙන තෙක් හෝටලයක නවාතැන් ගෙන සිට තිබේ.

එහිදී සැකකරු සම්බන්ධයෙන් වීරවිල ගුවන් හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද පුද්ගලික තොරතුරකට අනුව තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමක් එක්ව රාත්‍රි 8.40ට පමණ අදාළ හෝටලය වටලා එහි නවාතැන්ගෙන සිටි  සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදි අනාවරණය වුයේ සැකකරු මෙම ගජ මුතු රුපියල් කෝටි දෙක හමාරක මුදලකට අලෙවි කිරිම සදහා රැගෙන ආ බවයි.

අත්අඩංගුවට පත් ගජ මුතු හය හා සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT