රටේ ආර්ථිකය ආරක්ෂා වන්නේ මූල්‍ය අරමුදල සමඟ තම රජය ඇරඹූ ගමන වත්මන් ආණ්ඩුව දිගටම කරගෙන ගියොත් පමණක් බව හිටපු මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
හිටපු රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දේශපාලන කාර්යාලයේ පෙරේදා (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අප රජය විසින් ඉතා සුරක්ෂිත ආර්ථිකයක් වත්මන් රජයට භාරදී තිබෙනවා. 2022දී ඇති වූ ආර්ථික අර්බුදය නිසා නිර්මාණය වූ සමාජ සහ ආර්ථික අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අප ඉතා කැපවීමෙන් ජනතාව සමඟ සම්බන්ධවී රටේ ආර්ථිකය ගොඩනැඟීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. එය ඉතා කටුක ක්‍රියාවලියක් වුණා. නැවත බලාපොරොත්තුවක්වත් තබාගන්නට නොහැකි ආර්ථිකයක් සහිත රටක් පරිවර්තනය කරන්න ගත් උත්සාහයේ සාර්ථකත්වය නිසා හිටපු ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණයේදී පරාජයට පත් වූ බව කිව යුතුයි. මන්ද එහිදී අපට ඉතා අසීරු තීන්දු ගන්න සිදු වුණා. රට ගොඩනැඟීමට තීන්දු ගැනීමේදී දේශපාලන වශයෙන් දේශපාලනඥයන්ට අවාසි සිදු වෙනවා. මෙවැනි දේ නිසා කෙටි කාලීනව ජනතාවට සිදු වන බලපෑම වැඩියි. 2021 සිට 2022 දක්වා අප රටේ රාජ්‍ය ආදායම පැවතියේ සියයට අටක මට්ටමක.
එලෙස පැවැති රාජ්‍ය ආදායම මේ වසර වන විට සියයට 13.1 දක්වා ඉහළ නංවා ගැනීමේ ඉලක්කයක් තිබෙනවා. අප රජය පාලනය කළ අවධියේ ගත් ක්‍රියාමාර්ග තුළ එය මේ වසරේදී සියයට 13.1 දක්වා ඉහළ නංවා ගැනීම අභියෝගයක් වී තිබුණේ නෑ. උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී සියයට හැත්තෑවක සීමාවකට ළං වුණා. ආහාර උද්ධමනය සියයට අනූවක් පමණ වුණා. සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 20 දක්වා පහත බැස්සා. එතැනින් එහාට රුපියල කඩා වැටීම නතර කර ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වුණා. පඩි ගෙවා ගන්නවත් නොහැකි තරමට මුදල් ප්‍රවාහය කඩා වැටුණා. මේ වසර වන විට ලෝකයේ කඩා වැටුණු රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ඉතා කෙටි කලක් ඇතුළත ස්ථාවර වූ රටක් නිර්මාණය කරගැනීමට අපට හැකි වුණා. මොන ආකාරයේ දුෂ්කරතා තිබුණත් කාර්තු හයක් එක දිගට සංකෝචනය වූ ආර්ථිකයක් පසුගිය වසරේ තුන් වැනි කාර්තුව වන විට ප්‍රසාරණය වීම ආරම්භවී තිබෙනවා. අනුර කුමාර මහතා බලය ගැනීමට රට හමුවේ තැබූ පොරොන්දු ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”
නෙත්මි පූජනී රත්නායක සහ මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ