Home » කිතුල් කර්මාන්තයත් පහසුකම් නැතිව වළපල්ලේ

කිතුල් කර්මාන්තයත් පහසුකම් නැතිව වළපල්ලේ

by sachintha
October 23, 2024 1:32 am 0 comment

කිතුල් කර්මාන්තය සම්බන්ධයෙන් පවත්නා අඩු පහසුකම් හේතුවෙන් දහස් ගණනක් කිතුල් ශාක නිකරුණේ විනාශ වෙමින් පවතින බව මාතලේ දිස්ත්‍රික්කයේ කිතුල් කර්මාන්තකරුවෝ කියා සිටිති.

මාතලේ දිස්ත්‍රික්කයේ වසරක් පාසා අපතේ යන කිතුල් ශාකවලින් ආර්ථික වාසි රැසක් ගත හැකි වුවත් ඒ සඳහා පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම, තාක්ෂණික දැනුම අඩුකම හා වෙළෙඳපොළ ගැටලු ආදී කරුණු රැසක් හේතුවෙන් මාතලේ කිතුල් කර්මාන්තය විනාශ වෙමින් යන බව ද ඔවුහු පෙන්වා දෙති. කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයක් වන මාතලේ – මහතලාපිටිය ගම්මානයේ කර්මාන්තකරුවන් කියා සිටියේ අවශ්‍ය ප්‍රමාණයට කිතුල් රා ලැබෙනවා නම් තමන්ට වෙළෙඳපොළ සම්බන්ධයෙන් ගැටලු නොපවතින බවයි. නාඋල, පල්ලේපොල හා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙන්ම නකල්ස් වනපෙත ආශ්‍රිතව කිතුල් රා ලබාගැනීම සිදුවන අතර ඒ සඳහා ද බලපත්‍ර ලබා ගැනීම සහ පුහුණුකරුවන් නොමැතිවීම ආදී කරුණු ගණනාවක් හේතුවෙන් සිය කර්මාන්තයට බාධා එල්ල වෙමින් පවතින බව රා නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් වත්මන් රජයේ හෝ අවධානය යොමු වී ආර්ථික වශයෙන් වාසි රැසක් අත්වන කිතුල් කර්මාන්තය නඟාසිටුවීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නැයි මාතලේ දිස්ත්‍රික්කයේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදකයෝ ඉල්ලා සිටිති.

 

නාඋල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT