‘ගී රස ධාරා’ නමින් ගී රසවින්දන වැඩසටහනක් රාජාංගණය, සිරිමාපුර මහා විද්‍යාලයේ 11 සහ 12 ශ්‍රේණිවල සිසු දරුවන් වෙනුවෙන් ඉකුත්දා පැවැත්විණ.
ගීතය තුළින් පාසල් දරුවන් තුළ මානසික සහනය මෙන්ම සමාජාවබෝධය වර්ධනය කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය. වර්තමාන සිසු දරුවන්ගේ වින්දන පරාසයේ පවතින ලුහුඬුතා මඟහැරවීම මෙන්ම ගීතයෙන් රස අර්ථ මතු කර මනස තුළ යහපත් මානසිකත්වයක් ඇති කිරීම වැඩසටහන මගින් ඉලක්ක කර තිබිණ. අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරී ෂෙල්ටන් බණ්ඩාර මහතා රසවින්දන දෙසුම පැවැත්වීය.
විදුහල්පතිනී එස්.ජී. බෙලිගල මහත්මිය ප්‍රධාන ගුරු භවතුන්, රාජ්‍ය නිලධාරීන්, සිසු දරු දැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව හා එක්ව සිටියහ.
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්