පෝලියෝ රෝගය පිළිබඳව මහනුවර නගරය අවට මහජනතාව දැනුවත් කිරීමේ පෝලියෝ සයිකල් සවාරියක් ඉකුත් 20 වැනි දින මහනුවර කුවින්ස් හෝටලය අභියසින් ආරම්භ විය.
මහනුවර රොටරි සමාජයේ සභාපතිනී අවන්ති කරුණාරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් 20 වැනිදා පෙරවරු 9.00ට ආරම්භ කළ පෝලියෝ සයිකල් සවාරිය මහනුවර ඔරලෝසු කණුව හරහා ගමන් කර, කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ දක්වා ගමන් කර යළි විලියම් ගොපල්ලව මාර්ගය ඔස්සේ මහනුවර නගරයට පැමිණ මහනුවර නගර සභා කාර්යාලය අසලින් නිමාවට පත් විය. දිවයිනේ කිලෝ මීටර් 6,000ක් දින 51කදී පාපැදියෙන් දිවයින වටා ගමන් කර ලෝක වාර්තාවක් තැබූ, ඉන්දියාවේ කාශ්මීරයට පාපැදියෙන් ගමන් ආරම්භ කිරීමට සැරසෙන දෙණියායේ සනත් පුෂ්පකුමාර (38) පාපැදි ශූරයා ද මෙම පෝලියෝ සයිකල් සවාරියට එක්ව සිටියේය.
කරල්ලියද්ද සමූහ