රිච්වින් ප්ලාසා සමාගම වසරේ විශිෂ්ටම ජංගම දුරකතන අලෙවිකරු ලෙසත්, රිච්වින් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් සමාගම වසරේ විශිෂ්ටම නැඟී එන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙසත් ICONIC Awards 2024 සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර විය. සමාගමේ අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්යක්ෂ ශානුක ප්‍රදීප් වෙත මෙම සම්මාන පිරිනමන ලදී. රිච්වින් ප්ලාසා සමාගම Apple, Samsung, Nokia, Huawei, LG, Panasonic, Singer, Unic සහ Prestige ආදී ලොව ප්‍රකට සන්නාමවල ජංගම දුරකතන සහ විදුලි උපාංග අලෙවියෙන් කීර්තියක් ලබා ඇත. එම සමාගමේ ශාඛා මීගමුව, කටාන සහ ජාඇළ පිහිටා ඇත. රිච්වින් ප්ලාසා සමාගම ණය කාඩ් නොමැතිව පහසු ගෙවීමේ ක්‍රමයට පාරිභෝගිකයන්ට ජංගම දුරකතන හා අනෙකුත් භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථාව සලසන එකම සමාගම වේ. එම සමාගම පාරිභෝගිකයන්ට වගකීමක් සහිත නිෂ්පාදන මෙන්ම අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක්ද සපයයි.
රිච්වින් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් පෞද්ගලික සමාගම සපයන මූල්‍ය සේවා අතර ව්‍යාපාරික හා පෞද්ගලික ණය, ඉඩම්, වාහන හා චෙක්පත් ඇප මත දෙන ණය, රන් ණය සහ කණ්ඩායම් ණය ප්‍රධාන වේ. පාරිභෝගිකයන් සහ ව්‍යාපාර බලගැන්වීම ඉලක්ක කර ගත් නව්‍ය ක්ෂුද්‍ර මූල්‍ය විසඳුම් සපයන එම සමාගම කෙටි කාලයකින් විශාල ප්‍රගතියක් ලබා ඇත.
ආයෝජන සඳහා මාසිකව හෝ වාර්ෂිකව ලාභාංශ ගෙවීම, පිළිගත් ගිවිසුම් සහතිකයක් සැපයීම සහ ආයෝජන මත ණය මුදලක් ගැනීමට ඇති හැකියාව වැනි වාසි රැසක් පාරිභෝගිකයන්ට ලැබේ. ආයෝජකයන්ට ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ දීමටද එම සමාගම කටයුතු කරයි. දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ඇති එම සමාගම ඉදිරියේදී සිය ව්‍යාපාර කටයුතු වඩාත් පුළුල් කරමින් විශාල පිරිසකට රැකියා සැපයීමටත්, පාරිභෝගිකයන්ට තත්ත්වයෙන් උසස් නිෂ්පාදන සහ සේවා සැපයීමටත් අපේක්ෂා කරයි.