Home » තවත් උසාවියකින් ජොනීට වරෙන්තු

තවත් උසාවියකින් ජොනීට වරෙන්තු

by Gayan Abeykoon
October 24, 2024 1:18 am 0 comment

චන්දන ජය­වීර

සතොස සේව­ක­යන් රාජ­කා­රි­යෙන් බැහැ­රව දේශ­පා­ලන කට­යු­තු­වල යෙද­වී­මෙන් රජ­යට පාඩු කිරීමේ චෝද­නාව යටතේ අල්ලස් කොමි­සම මඟින් ගොනු කළ නඩුවේ විත්ති­ක­රු­වකු ලෙස නම් කර සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී නොසි­ටීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට ගෙන වහාම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (23) වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුව ඊයේ (23) මහා­ධි­ක­රණ විනි­සුරු මංජුල තිල­ක­රත්න මහතා හමුවේ කැඳවූ අව­ස්ථාවේ සෙසු විත්ති­ක­රු­වන් පෙනී සිටිය ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධි­ක­ර­ණයේ පෙනී සිටියේ නැත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ ගොනු කර තිබෙන රිට් නඩු­ක­ර­ය­කට අදා­ළව දුන් ප්‍රති­ඥා­වක් අනුව සිය සේවා­දා­ය­කයා ප්‍රකා­ශ­යක් දීමට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට කැඳවා ඇති බව දන්වා සිටි­යේය.

විත්ති­කරු නඩු­වට ප්‍රමු­ඛ­ත්වය දිය යුතු බවත් ඔහු අධි­ක­ර­ණය හමු­වට පැමි­ණීම වළ­ක්වන කිසිදු නියෝ­ග­යක් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය නිකුත් කර නැති බවත් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා ප්‍රකාශ කර සිටි­යේය.

මෙහිදී අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජෙන­රාල් වසන්ත පෙරේරා අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් අදාළ විත්ති­ක­රුට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටි­යේය.

ඒ අනුව අධි­ක­ර­ණය හමු­වට නොපැ­මි­ණීම සම්බ­න්ධ­යෙන් විත්ති­කරු දක්වන කරුණු පිළි­ගත නොහැකි බැවින් ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන ඉදි­රි­පත් කරන ලෙස දන්වා විනි­සු­රු­ව­රයා වරෙන්තු නිකුත් කළේය.

නඩුව ජන­වාරි මස 27 වැනිදා යළි කැඳ­වී­මට නියෝග කළ විනි­සු­රු­ව­රයා එදින සාක්ෂි­ක­රු­වන්ට අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අව­වාද කළේය.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභා­පති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ඇමැ­ති­ව­ර­යාගේ පෞද්ග­ලික ලේකම් රාජ් මොහි­දීන් මොහො­මඩ් සකීර් යන මහ­ත්ව­රුන්ට එරෙ­හිව චෝදනා 4ක් යටතේ අල්ලස් පනතේ 70 වැනි වග­න්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා මෙම දූෂණ නඩු පවරා ඇත.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජෙන­රාල් වසන්ත පෙරේරා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් ගංගා හෙයි­ය­න්තු­ඩුව යන මහත්ම මහ­ත්මීහු පැමි­ණිල්ල මෙහෙය වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT