Sunday, May 11, 2025
Home » නාම­යෝ­ජනා ප්‍රති­ක්ෂේප කිරීම නීති විරෝ­ධියි
ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජාතික සන්ධා­නයේ

නාම­යෝ­ජනා ප්‍රති­ක්ෂේප කිරීම නීති විරෝ­ධියි

by Gayan Abeykoon
October 24, 2024 1:13 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

මෙවර මහ­මැ­ති­ව­ර­ණය සඳහා වන්නි දිස්ත්‍රි­ක්කය වෙනු­වෙන් තරග වැදී­මට ‘ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජාතික සන්ධා­නය’ ඉදි­රි­පත් කළ නාම­යෝ­ජනා පත්‍රය අදාළ තේරීම් භාර නිල­ධා­රියා විසින් භාර­ගත යුතුව තිබූ බවට කළ පෙන්වා දීම අනුව කට­යුතු කරන ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (23) මැති­ව­රණ කොමි­ස­මට නියෝග කළේය.

අදාළ නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප කිරී­මට දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධා­රියා විසින් ගනු ලැබූ තීර­ණය බල රහිත කරන නියෝ­ගක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජාතික සන්ධා­නය විසින් ගොනු කළ පෙත්ස­මෙහි තීන්දුව ප්‍රකාශ කර­මින් මෙම නියෝ­ගය කරන ලදි.

එම පෙත්සම් සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව අදාළ නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප නොකර තේරීම් භාර නිල­ධා­රියා විසින් පිළි­ගත යුතුව තිබූ බවට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් ඉකුත් 22 වැනිදා පෙන්වා දුන්නේය.

අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා ප්‍රීති පද්මන් සූර­සේන සහ අචල වෙංග­ප්පුලි යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ කැඳ­වනු ලැබිණි.

එහිදී මැති­ව­රණ කොමි­සම වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් යුරේෂා ද සිල්වා මහ­ත්මිය සඳ­හන් කළේ අදාළ නාම­යෝ­ජනා පත්‍රය තේරීම් භාර නිල­ධා­රියා විසින් පිළි­ගත යුතුව ඇති බවට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් පෙර දිනයේ පෙන්වා දුන් කරුණ පිළි­ගැ­නී­මට මැති­ව­රණ කොමි­සම එක­ඟ­තාව පළ කර ඇති බවය.

ඒ අනුව අදාළ කරුණු පෙන්වා­දීම අනුව කට­යුතු කරන ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මැති­ව­රණ කොමි­ස­මට නියම කළේය.

මෙම පෙත්සම විභා­ග­යට අව­සන් කිරී­මට නියම කරන ලදි.

‘ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජාතික සන්ධා­නයේ’ බලය ලත් නිල­ධාරී පර­රා­ජ­සිං­ගම් උදය රාසා සහ තවත් අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නකු වන ජී. විජේ­න්ද්‍ර­න්ර­ත්නම්, ඒ.කේ.ජී. සුබී­හන් මෙම පෙත්ස­ම්ක­රුවෝ වෙති.

මැති­ව­රණ කොමි­සමේ සභා­පති ඇතුළු එහි සාමා­ජි­ක­යන්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධා­රියා, එම දිස්ත්‍රි­ක්ක­යට තරග වදින දේශ­පා­ලන පක්ෂ­වල මහ­ලේ­ක­ම්ව­රුන්, නීති­ප­ති­ව­රයා ඇතුළු පිරි­සක් එහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.

මහ­මැ­ති­ව­ර­ණ­යට තරග කිරීම සඳහා ‘ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජාතික සන්ධා­නයේ’ වන නාම­යෝ­ජනා පත්‍ර ඉකුත් ඔක්තෝ­බර් මස 11 වැනිදා දහ­වල් 12.00ට පෙර භාර දීමට නිය­මි­තව තිබූ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

ඒ අනුව වන්නි දිස්ත්‍රි­ක්කය වෙනු­වෙන් තරග කිරීම සඳහා ‘ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජාතික සන්ධා­නයේ’ නාම­යෝ­ජනා පත්‍රය එහි තේරීම් භාර නිල­ධා­රි­යාට ඉදි­රි­පත් කළ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

අදාළ නාම­යෝ­ජනා පත්‍රය විධි­මත් ලෙස ඉදි­රි­පත් කර නැති බව පව­ස­මින් තේරීම් භාර නිල­ධා­රියා විසින් එය භාර ගැනීම ප්‍රති­ක්ෂේප කළ බව පෙත්ස­ම්ක­රුවෝ පව­සති.

සියලු ලේඛන විධි­මත්ව ඉදි­රි­පත් කර තිබි­යදී සිය නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප කිරී­මට දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධා­රියා ගනු ලැබූ තීර­ණය නීති විරෝධී සහ අත්ත­නෝ­ම­තික තීර­ණ­යක් බවට පෙත්ස­ම්ක­රුවෝ චෝදනා කරති.

එබැ­වින් එම තීර­ණය බල රහිත කරන සර්ටි­යෝ­රාරි රිට් ආඥා­වක් නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.

නොවැ­ම්බර් මස 14 වැනිදා මහ­මැ­ති­ව­ර­ණ­යේදී වන්නි දිස්ත්‍රි­ක්ක­යට නියෝ­ජි­ත­යන් තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විම­සීම පැවැ­ත්වීම අත්හි­ටු­වන අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

නීතිඥ සනත් විජේ­ව­ර්ධන මහ­තාගේ උප­දෙස් මත ජනා­ධි­පති නීතිඥ එම්.යූ.එම්. අලි­සබ්රි මහතා පෙත්ස­ම්කරු වෙනු­වෙන් පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT