Home » ටොෆි චොක්ලට් දී සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට

ටොෆි චොක්ලට් දී සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට

by yasara
October 24, 2024 1:03 pm 0 comment

කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දහ හතර හැවිරිදි පාසැල් දැරියකට  බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හතළිස් හැවිරිදි හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන (40) හැවිරිදි හිමි නමකි.

මෙම හිමිනම  සිය විහාරස්ථානයේ දහම් පාසලක් පවත්වාගෙන යන අතර එම දහම් පාසැලේ අධ්‍යාපනය ලැබීම සඳහා SOS ළමා ගම්මානයේ  රැකවරණය ලබන මෙම සිසුවිය ඇතුළු  ළමුන් පිරිසක් පැමිණෙන බව පැවසෙයි

ඒ අතරින් මෙම සිසුවිය දහම් පාසල් තරග සඳහා තෝරා ගෙන ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම්වලට සවස් කාලයේදී ගෙන්වා ගෙන ඇයව හිමිනම වාසය කරන කාමරයට කැදවාගෙන ගොස් ටොෆී , චොකලට්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් , අත් ඔරලෝසුවක්, සුවද විළවුන් හා මුදල් ඇතුළු තැගි භෝග ලබා දී රවටා බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

රැකවරණය ලබන ළමා ගම්මානයේ පාලනාධිකාරිකාරියෙන් ලබා නොදෙන උපකරණ දැරිය සන්තකයේ තිබෙනු එහි පාලනාධිකාරිය  දැක විමසා ඒ බව දැරියගේ මවට පවසා තිබේ.

පසුව මව පැමිණ දැරියගෙන්  ප්‍රශ්න කිරීමේදී ඉකුත් අගෝස්තු 02 දා සිට සැප්තැම්බර් 09 දා දක්වා කාලය තුළ දහම් පාසැලේ තරග වලට පුහුණු වීමට ගිය අවස්ථාවේදී විවිධ භාණ්ඩ දී රවටා මෙම ලිංගික අපරාධය සිදුකර ඇති බවට තොරතුරු  අනාවරණය වීමත් සමග මෙසේ පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බව පැවසෙයි.

ඒ අනුව දැරියගෙන්  සහ හිමිනමගෙන් ප්‍රකාශ සටහන් කොටගෙන  වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් හිමිනම කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT