පෙර පාසල් ළමුන්ගේ පංචායුධ සූක්ෂම ආකාරයෙන් සොරකම් කළ යුවළක් මහියංගණය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි
තම කුඩා දියණිය ද යොදා ගනිමින් අඹු සැමි යුවළක් ඉතා සුක්ෂම ආකාරයෙන් මෙම සොරකම සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.
තම කුඩා දියණියගේ උපන්දිනය වෙනුවෙන් පෙරපාසලේ දරුවන්ට ක්‍රීඩා ඇඳුමක් සහ සපත්තු ලබාදෙන පවසමින් දරුවන්ගේ මිමි ලබාන්නා මුවාවෙන්, දරුවන්ගේ කර බැඳි පංචායුධ කපා ගැනීම මෙම යුවළ විසින් සිදු කර තිබෙයි.
මහියංගණ හා රිදිමාලියද්ද ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවල දරිද්‍රතාවයෙන් ඉහළ පවුල් වල දරුවන් රැසක් අධ්‍යාපනය ලබන පෙර පාසල් තෝරා ගෙන එම වංචනික කටයුත්ත සිදු කර ගෙන ගොස් ඇත.
මේ පිළිබඳ පොලීසියට ලැබුණු පැමිණිලිවලට අනුව දියතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරු සහ කඳාන ප්‍රදේශයේ පදිංචි සැකකාරිය කොල්ලකන ලද පංචායුධ සමග අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් තාවකාලිකව පදිංචිව ඇත්තේ, මහියංගනය ප්‍රදේශයේ කුලී නිවසකය.
පොලීසිය පවසන්නේ, මීට අමතරව මෙම යුවළ රෝගී පුද්ගලයින්ට සැත්කම් කිරීමට අවැසි බව පවසා මුදල් එක්රැස් කිරීමේ ජාවාරමක ද යෙදී ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකාර යුවළ සහ දියණිය මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.