100
මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකරන කසල තේ කිලෝ ග්‍රෑම් 3,000 ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්යය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
මුල්ලේරියාව පොලිස් වසමේ කැළණිමුල්ල මන්සන්ධියේ මාර්ග සංඥා පුවරුව අසල මාර්ගයේදී සිදුකල වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 36 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.