Home » බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 වර්ගයේ නව නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වෙයි

බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 වර්ගයේ නව නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වෙයි

by yasara
October 24, 2024 4:25 pm 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් සිදුකරගෙන යනු ලබන වැඩ පිළිවෙලෙහි තවත් සුවිශේෂි අවස්ථාවක් ලෙස ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 (Beechcraft King Air 350) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් අද (24) ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක්වන අතර එය ඉදිරියේදි ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය  බලඝණයට (No. 03 Maritime Squadron) අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා රජය සමග තිබෙන සමීප සහයෝගීතාවයේ සහ හවුල්කාරීත්වයේ ශක්තිමත්භාවය විදහා දක්වමින්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීම සදහා, මෙම Beechcraft King Air 350 වර්ගයේ සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු සදහා යොදාගනු ලබන නිරීක්ෂණ ගුවන් යානය ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රධානයක් ලෙස හිමිවේ.

එමගින් කලාපය තුල සිදුකරනු ලබන සොයාගැනීම් සහ මුදවාගැනීම්, අන්තර්ජාතික මට්ටමෙන් සිදුකරනු ලබන අපරාධ සහ මිනිස් ජාවාරම් තුරන් කිරීමට ආරක්ෂිතව හා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ.

ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව (Flight Information Region – FIR) හා සුවිශේෂී ආර්ථික කලාපය (Exclusive Economic Zone – EEZ) තුල මෙම බීච් කින්ග් එයාර් 350 ගුවන් යානය ඵලදායී ලෙස යොදාගනිමින් සමුද්‍රීය වසන් දැනුවත් කිරීමේ (Maritime Domain Awareness – MDA) විෂයට අදාල රාජකාරීන් තව දුරටත් පුළුල් කිරීම මෙමගින් සිදු කරනු ලබයි.

තවද, ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව සිදුවෙමින් පවතින සමුද්‍රීය මිනිස් ජාවාරම අද වන විට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්නයක් වි ඇති අතර ඒ සදහා කලාපීය රටවල්වල සහයෝගීතාවය, අන්තර්ජාතික මට්ටමෙන් සිදුකරනු ලබන මිනිස් ජාවාරම් මුලින් උපුටා දැමීමේ ක්‍රියාමාර්ග සාක්ශාත් කර ගැනීමට මහගු පිටුවහලක් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT