මාතර – පාලටුව ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස රිවෝල්වර් වර්ගයේ ගිනි අවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.
ලද තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේය.
මෙම වැටලීමේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක් සහ උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.
සැකකරු විසින් මෙලෙස නිපදවූ ගිනි අවි දෙකක් මුදලකට අලෙවි කර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අදාළ අවි මිල දී ගත් බව කියන සැකකරුවන් දෙදෙනා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 47 සහ 54 වයස්වල පසුවන අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වෙයි.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.