Home » මිනිස් ජාවාරම්කරුවන් මියන්මාරයේ රඳවා ගෙන සිටින ලාංකිකයන් ගැන ජනපතිගේ අවධානය

මිනිස් ජාවාරම්කරුවන් මියන්මාරයේ රඳවා ගෙන සිටින ලාංකිකයන් ගැන ජනපතිගේ අවධානය

by chanaka
October 25, 2024 3:50 pm 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් (Marlar Than Htaik ) මහත්මිය අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරුවේ සිදු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී තානාපතිනිය දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ද පෙන්වා දුන්නේය.

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටිනු ලබන ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තානාපතිවරිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව සහ මින්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට මියන්මාර රජය කැප වී කටයුතු කරන බව තානාපතිවරිය සඳහන් කළාය.

කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී මාලර් තාන් ටයික් මහත්මිය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ උපදේශකවරුන් වන ලෙයී ඊ වින් (Lei Yi Win) , තෙට් ෂෝ ටෝ ( Thet Zaw Toe) යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT