Sunday, May 11, 2025
Home » ආදිවාසී ලිඩියා රජුන්ටත් අවි අමෝරයි

ආදිවාසී ලිඩියා රජුන්ටත් අවි අමෝරයි

by mahesh
October 25, 2024 1:01 am 0 comment

රජිත බස්නායක

මේ මොහොත වනවිට ලෝකයේ රජුන් පිදීම සිදුවන්නේ ඉතාමත් අවම තලයකය. එසේ වුවද එවන් අගය කිරීම් හා වටිනාකම් සුලබ ලෙසින් දක්නට ලැබෙන්නේ එහෙමත් රටවලය. එහෙමත් රටවලයි කියුව ද ඒ එහෙමත් රටවල් සීමාසහිතය බව නම් කිවයුතුය. ඒ කෙසේ වුවද වර්තමානයේදී හිරු නොබසින අධිරාජ්‍යයේ පවා පවතින්නේ රජු මූලික කරගත් ක්‍රමවේදයකි. රජු, ඔවුනගේ සාඩම්බර පුරවැසියාය. අද දවස වන විට බ්‍රිතානයේ රජු ලෙසින් කටයුතු කරනුයේ 75 හැවිරිදි චාල්ස් කුමරුය. තම රටේ ජනයාගෙන් අනූපමේය ගෞරව බුහුමන් ලබන ඔහුට අකරතැබ්බයකට මුහුණදීමට සිදුවූයේ පසුගියදා ඔස්ට්‍රේලියාවේ සංචාරයකට ගිය පසුවය. එම සංචාරයේදී පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමින් සිටින අතරතුර ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Lidia Thorpe ඔහුට විරෝධය පළ කළේ, ඔහු තමන්ගේ රජු නොවන බව ප්‍රකාශ කරමිනි. එම කතාව පවත්වමින් සිටින අතරතුර කෑගසමින් බාධා කළ Lidia ආරක්ෂකයන් විසින් එම ස්ථානයෙන් රැගෙන යන්නට එම මොහොතේදී වහා කටයුතු කරන්නට විය.

මෙම සිදුවීම වූ මොහොතේ පටන් ඇය පිළිබඳව ලෝකයේ බහුතරයක් දෙනා කතාබහ කරන්නට පටන් ගත්තේ Lidia ප්‍රසිද්ධියේ තම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ ලෙහෙසි පහසු අයකුට නොවන බැවිනි. එතැන් පටන් ඇය බොහෝ විදෙස් මාධ්‍යන්හි පුවතක් බවට පත්විය.

කවුද මේ Lidia Thorpe

1973 අගෝස්තු 18 උපන් Lidia Alma Thorpe ඉංග්‍රීසි, අයර්ලන්ත සම්භවයක් සහිතව උපන් තැනැත්තියක වන අතර ඇය හැදීවැඩුණේ කොලිංවුඩ්හි කොමිෂන් සභා මහල් නිවාසයකය. තම ප්‍රාථමික පාසල ලෙසින් ඇය ඇතුළුවූයේ ක්ලිෆ්ටන් හිල්හි ගෝල්ඩ් ස්ට්‍රීට් ප්‍රාථමික පාසලටයි. එම පාසලේ 7 වසර දක්වා අධ්‍යාපනය ලැබූ Lidia, කොලින්වුඩ් උසස් පාසලේ 8 වසර දක්වා ද, 9 වසර සඳහා ෆිට්ස්රෝ උසස් පාසල වෙත ඇතුළුවූ නමුත් පසුව ඉන් ඉවත්ව ගියාය.

අධ්‍යාපන කටයුතු අහවර කිරීමෙන් පසු තම පළමු රැකියාව ලෙසින් ඇය තෝරාගනු ලැබුවේ ෆිට්ස්රෝයි හි පිහිටි තොරතුරු මධ්‍යස්ථානයක් වන අතර එය එවකට දේශපාලන ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් ලෙසින් ජනප්‍රියව පැවතිණි. 2017 වසරේ නොවැම්බර් 18 වැනි දින පැවති Northcote ප්‍රාන්ත අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු ඇය Northcote ප්‍රාන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු ආදිවාසී කාන්තාව බවට පත්වූ අතර එතැන් පටන් 2018 දක්වා ව්‍යවස්ථාදායක සභාවේ Northcote ප්‍රාන්තයේ මන්ත්‍රීවරිය ලෙස කටයුතු කිරීමට ය සමත් වූවාය. Thorpeගේ දේශපාලන ගමන් මගෙහි ආරම්භය සනිටුහන් වූයේ එලෙසිනි. ඉන් අනතුරුව ඇය 2020 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු ආදිවාසී සෙනෙට් සභිකවරිය ලෙසින් ද තේරී පත් වූවාය.

2023 පෙබරවාරි වන තෙක් ඔස්ට්‍රේලියානු ග්‍රීන්ස්හි සාමාජිකාවක වූ ඇය යම් යම් එකඟ නොවීම් මත අර්බුද පැනනැඟීමෙන් අනතුරුව පක්ෂයෙන් ඉවත් වන්නට කටයුතු කළාය. ඉන්පසුව 2023 ඔක්තෝබර් මාසයේදී ජනමත විචාරණයේ Òprogressive NoÓ ව්‍යාපාරයේ පෙරමුණේ සිටිනා චරිතයක් බවට පත්වූවාය.

චාල්ස් රජුගේ මෙම සංචාරය සිදුවුයේ පසුගිය 21 වැනිදාය. පෙර සඳහන් කළ පාර්ලිමේන්තු උත්සවයේදී ආදිවාසි තරුණියක වන Lidia Thorpe රජුට බැණ වදිමින් කියාසිටියේ මෙය ඔවුන්ගේ භුමිය නොවන බවත්, ඔවුන් තම භුමිය විනාශ කළ බවත්ය. එමෙන්ම තවදුරටත් ඇය, රජුට පවසා සිටියේ තම රටෙන් සොරකම් කළ දේ නැවත ලබාදෙන ලෙසයි. මේ අවස්ථාවේ චාල්ස් රජු කතාවක් පවත්වමින් සිටි අතර ඔහුගේ කතාවට බාධා කරමින් Lidia මහත් උස් හඬින් කෑගසන්නට වූවාය. ඔස්ට්‍රේලියාවේ ආදිවාසි තරුණියක වන ඇය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් ඔස්ට්‍රේලියාව තම අණසකට යටත් කර ගැනීම පිළිබඳව විවේචනයන් සිදුකරමින් ඊට විරෝධය දක්වන්නියක් ද වූවාය.

ස්වාධීන සෙනෙට් සභික Lidia, රජුගේ පිළිගැනීමේ උත්සවයට බාධා කිරීමෙන් පසු කොන්සර්වේටිව් විරුද්ධවාදීන් විසින් ඇයට පවසා සිටියේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන ලෙසයි. නමුත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ තමා ඉල්ලා අස්නොවන බවත් තම ජනතාවට යුක්තිය ඉටු කිරීමට බලාපොරොත්තු වන බවත්ය. THE GUARDIAN පුවත් සේවය සඳහන් කර සිටියේ ඇය විසින් රේඩියෝ නැෂනල් වෙත අදහස් දක්වමින්, තවත් අවුරුදු තුනක් තමා සිටිනා බව සඳහන් කර සිටි බවයි. කොයිහැටි වෙතත් විපක්ෂ නායක පීටර් ඩටන් ද කියා සිටියේ Lidia Thorpe පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

එහෙත් සම්මුඛ සාකච්ඡාවකදී ඩටන්ගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් Lidia Thorpe කියා සිටියේ: “මම ඔහුව පාර්ලිමේන්තුවේදී දකින සෑම අවස්ථාවකම ඔහු සිටින විරුද්ධ දිශාවට ගමන් කරනවා. එමනිසා ඔහු සමඟ කිසි විටෙකත් වාඩි වී සංවාදයක් පැවැත්වීමට අවශ්‍ය නෑÓ යනුවෙනි.

වර්තමානය වන විටත් ඔස්ට්‍රේලියාවේ පවතින්නේ රාජාණ්ඩු ක්‍රමයකි. නිදහස ලැබූදා සිට ව්‍යවස්ථාපිතව පවතින රාජාණ්ඩු ක්‍රමයෙන් මිදී ජනරජයක් බවට පත්වීමට මේ වනවිටත් ඔස්ට්‍රේලියාව තුළ දේශපාලන ව්‍යාපාරයන් කිහිපයක්ම පණ ගැන්වෙමින් පවතියි. Lidia ,චාල්ස් රජුට බැණ වදිමින් ඒත්තු ගැන්වීමට උත්සාහ කරනු ලැබුවේ තම ස්වදේශික ජනතාවට විඳින්නට සිදු වූ දුක්ගැහැට, ගැටලු හා වේදනාවන්ය. ඇය මේ ප්‍රකාශය කරනු ලැබූ තනි තරුණියක වුවද ඇය පෙනී සිටියේ සමස්ත පිරිවරක් වෙනුවෙනි.

“ඔබ අපේ ජනතාවට එරෙහිව වාර්ගික සංහාරයක් කළා. අපේ ඉඩම් අපිට ආපහු දෙන්න. ඔබ අපෙන් සොරකම් කළ දේ අපට දෙන්න – අපේ ඇටකටු, අපේ හිස් කබල, අපේ ළදරුවන්, අපේ මිනිසුන්” මේ අයුරින් ඇය ආරක්ෂකයන් විසින් ශාලාවෙන් පිටතට ගෙන යාමට පෙර කෑගසමින් පවසා සිටියේ එම සමස්ත පිරිස වෙනුවෙනි.

මේ මොහොත වනවිටත් ඔවුන් පවසන අයුරින් ආදිවාසී ජනයා නොයෙක් අයුරින් පීඩා විඳිමින් සිටිති. සියලු අතින් ගත් කළ ඔවුනට ලැබෙන්නේ අඩු වරප්‍රසාදයන්ය. සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි ගැටලු නිසා ආදීවාසි ජනයාගේ අපේක්ෂිත ආයු කාලය පවා වසර කිහිපයකින් අඩු බව එරට වාර්තාවන් සඳහන් කරයි. මෙම සිදුවීමෙන් පසු තවදුරටත් ඇය මාධ්‍යන්ට පවසා සිටියේ මෙවැන්නකි.

Òචාල්ස් එංගලන්තයේ රජු වුණාට, අපේ රටේ රජු නෙවෙයි. මට වුවමනාවක් තිබුණා එයාට දන්වන්න එතැන ඉඳන් ඔහු කොහොමද අපේ රටේ රජු කියල කියන්නේ කියලා. ඔවුන් අපේ රටෙන් කොපමණ වස්තුව කොල්ලකාලා තියෙනව ද? අපේ රටේ මිනිසුන්ගෙන් කොපමණ දේ ලබාගෙන තියෙනව ද කියලා. දැන් ඔවුන් මේ සියල්ල අපිට නැවත ලබාදිය යුතුයි.Ó යනුවෙනි

Lidia Thorpe ගේ මෙම කලබගෑනියෙන් පසු ඇය සම්බන්ධයෙන් තවත් එක විරෝධතාවක් මතුවිය. එයින් කියැවුණේ සමාජ මාධ්‍ය පිටුවක ඇය පළකර තිබූ කාටූනයක් සම්බන්ධයෙනි. මෙම කාටූනයේ පළවී තිබු‍ෙණ් චාල්ස් රජුගේ හිස ගසා ඇති අයුරකි. එහෙත් එය සුළු මොහොතකින් ඉවත්කර තිබුණි. කාටූනය සම්බන්ධයෙන් කවර අදහස් ප්‍රකාශ වුවද Lidia ද මේ සම්බන්ධයෙන් කරුණු කාරණා ප්‍රකාශ කර තිබුණි. එහිදී ඇය කියා තිබුණේ තමාගේ අනුදැනුමකින් තොරව කාර්යාලයේ කටයුතු කරන්නකු එය සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවයි. ඇය එහිදී ප්‍රකාශ කළේ ‘කවරෙකුට හෝ විරුද්ධව කටයුතු කිරීමට, ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අනුබල දීමට මා කිසිවක් පළ කරන්නේ නෑÓ යනුවෙනි.

කෙසේ වෙතත් Lidia Thorpe ලෝකය පුරා එක මොහොතින් පුවත් මැවූ චරිතයක් වුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT