Home » සිපගැනීමට මිනිත්තු තුනක් දෙන නවසීලන්ත ගුවන් තොටුපල

සිපගැනීමට මිනිත්තු තුනක් දෙන නවසීලන්ත ගුවන් තොටුපල

by chanaka
October 25, 2024 3:44 pm 0 comment

නවසීලන්තයේ ඩුනෙඩින් (Dunedin) ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කළමනාකාරීත්වය විසින් නව දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ, ගුවන් මගීන් හට පිටව යාමට පෙර, සිය ආදරණීයන් සිප වැළඳගෙන සමුදීමට ලබාදෙන කාලය මිනිත්තු 3 ක් පමණක් වන බව සඳහන් කරමින්ය.

මෙම නව දැනුම් දීමට හේතුව ලෙස ගුවන්තොටුපොළ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, තම ආදරණීයන් පිටව යන මොහොතේ ඔවුනට සමුදීමට ගන්නා කාලය වැඩි බව පෙනී ගොස් ඇති බවත් එය ගුවන්තොටුපොළ කටයුතුවලට සහ ගුවන් ගමන් සඳහා බාධාවක් වන බවත් ය.

කෙසේ නමුත් ඔවුනට සමුදීම සඳහා යමෙකුට වැඩි කාලයක් අවැසි නම්, ඒ වෙනුවෙන් ගුවන්තොටුපොළ රථගාල භාවිත කරන ලෙස දන්වා ඇත.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම හඳුන්වාදීම මේ වන විට තරමක විවාදයක් ද ඇති කර ඇති බවයි. එය ‘දැඩිව ක්‍රියාත්මක නොවන’ හුදු දැනුම්දීමක් පමණක් වන බව ඇතැම් වාර්තා පෙන්වා දී තිබේ.

එමෙන්ම, බහුතර මගීන්ගේ අදහස වී ඇත්තේ වෙනත් ගුවන්තොටුපොළ ක්‍රියාවන්ට සාපේක්ෂව මෙම දැනුම් දීම ‘ත්‍යාගශීලී’ වන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT