Home » අන්තර්ජාලය හරහා පරිගණක අපරාධ සිදු කල චීන ජාතිකයින් 03ක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා පරිගණක අපරාධ සිදු කල චීන ජාතිකයින් 03ක් අත්අඩංගුවට

by chanaka
October 25, 2024 10:19 am 0 comment

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරදු 33 හා 38 යන වයස්වල පසුවන්නන් වේ.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 05ක්, හිමිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ්පත් 04ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඊයේ (24) සවස් කාලයේදී ගාල්ල පොලිස් වසමේ බෝපේ පාර, ගිංතොට ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT