මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් (තැපැල් පෙට්ටියෙන්) තරග කිරීමට ඉදිරිපත්වූ යාපනයේ තරුණ අපේක්ෂකයකු 23 වැනිදා සවස හදිසියේ මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ පදිංචි සෙන්තිල්වේල් තමිලියන් නැමැති 34 හැවිරිදි අයෙකි.
ඔහු මීට පෙර වැල්වෙට්ටිතුරේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වී දේශපාලන කටයුතු ආරම්භ කළ අයෙකු වන අතර මෙවර ඔහු යාපනයේ උඩුප්පිඩි ආසනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග කොට තිබේ.
දින හතරකට පෙර ඔහු හදිසියේම රෝගී වීම නිසා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති අතර පසුව ඔහුගේ තත්ත්වය උග්‍රවීම නිසා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
වැල්වෙට්ටිතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.