35
හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු බව කියන මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු පැහැරගෙන ගොස් ඔහු සතු රුපියල් 37,000ක මුදලක් සහ රන් මාලයක් කොල්ලකෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ මව, පියා හා දියණිය අත්අඩංගුවට ගැනීමට කඩුගන්නාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පිළිමතලාව නගරයේදී පෙරේදා (23) රාත්‍රියේ තමන්ව පැහැරගෙන ගොස් මෙම කොල්ලකෑම සිදුකළ බව ව්‍යාපාරිකයකු වන අදාළ පුද්ගලයා පොලිසියට පවසා තිබේ.
පැමිණිලිකරු සහ ඔහු පැහැරගත් බව කියන පුද්ගලයා කලක් ව්‍යාපාර කටයුතුවල නිරතව සිට ඇතැයි ද පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.