කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය මඟින් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාවන්හි සහතිකපත් ප්රදානෝත්සවය පසුගියදා (13) කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ අමෙරිකා – ශ්‍රී ලංකා Fulbright කොමිසමේ විධායක අධ්යක්ෂ ආචාර්ය පැට්රික් මැක්නමාරා මහතාය. සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතා මෙහි මූලාසනය හෙබවීය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.කේ. වීරසිංහ,මහාචාර්ය ඩබ්ලිව්.ඒ. වීරසූරිය මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ උත්සවයට සහභාගි වූහ.
එහිදී ලේක්හවුස් මාධ්‍ය පුස්තකාලයේ චින්තා සංජීවනී සේනාරත්න, රංගිකා පතිරණ සහ ගාමිණී නිශාන්ත අබේසිංහ මහත්ම මහත්මීහු ද සහතික පත් ලැබූහ.