Home » කාපට් තලන යන්ත්‍රයක් නිසා අටලුගම අනතුරක්

කාපට් තලන යන්ත්‍රයක් නිසා අටලුගම අනතුරක්

by yasara
October 25, 2024 3:35 pm 0 comment

කාපට් තලන යන්ත්‍රයක් ලොරියක පටවා ප්‍රවාහනය කරමින් තිබියදී   බණ්ඩාරගම අටුලුගම  මාරාව ප්‍රදේශයේදී  ඊයේ (24) රාත්‍රී සිදු වූ අනතුරකින් දුරකථන කණු රැසකට හානි සිදුවී යතුරුපැදි කරුවෙකු ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

මෙම අනතුර හේතුවෙන්  දුරකථන කණු සහ මාර්ගය හරහා රැහැන්  කඩා වැටීම හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් බණ්ඩාරගම අලෝතියාව සිට අටලුගම මාර්ගය වාහන ධාවනයට දැඩි බාධා සිදුවිය.

අලෝතියාව අටලුගම මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරන අතර  එන්ජිමේ දෝෂයකට ලක්ව අලුත් වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව කාපට් තලන යන්ත්‍රය ලොරියක පටවා බණ්ඩාරගම සිට අටලුගමට ප්‍රවාහනය කරමින් සිටියදී කාපට් තලන යන්ත්‍රයේ ඉහළ කොටස මාර්ගය හරහා ඇද තිබෙන දුරකථන රැහැන්වල ගැටීමත් සමගම දුරකථන කනු  හා රැහැන් කැඩී මාර්ගය හරහා වැටී ඇතැයි පොලිසිය කියයි.

එහිදී කාපටි තලන යන්ත්‍රය මතට දුරකථන කණුවක් වැටීමෙන් සුක්ඛානම කැඩී මාර්ගයේ වැටී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී අටුලුගම  දෙස සිට මාරාව දෙසට යතුරුපැදියකින් පැමිණෙමින් සිටි පුද්ගලයකු දුරකථන රැහැන් සමග පැටලී අනතුරට ලක්වී බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත.

කාපට් තලන යන්ත්‍රය ප්‍රවාහනය කළ ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන එම ලොරිය සහ කාපට් තලන යන්ත්‍රය ද පොලිස් භාරයට ගෙන ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT