Thursday, May 15, 2025
Home » සුපිරිසිදු පාර්ලිමේන්තුවකට සුදුසුම කණ්ඩායම මාතලෙන්

සුපිරිසිදු පාර්ලිමේන්තුවකට සුදුසුම කණ්ඩායම මාතලෙන්

පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත ඩයස් බණ්ඩාර

by mahesh
October 25, 2024 1:00 am 0 comment

මාතලේ - මහේෂ් රුවන්

සුපිරිසිදු පාර්ලිමේන්තුවක් සඳහා සුදුසුම කණ්ඩායම මෙවර මාතලේ දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති බවත්, ජනතාව වෙනුවෙන් ජය පැරදුම දෙකෙහිදීම සිටින පිරිස එහි නියෝජනය වන බවත් පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත ඩයස් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේදී පැවැති ජනහමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“ජනතාව විසින් නව වෙනසක් බලාපොරොත්තුවෙන් අලුත් පිරිසකට රට භාර දී තිබෙනවා. අපි ඔවුන්ට ද ඒ අවස්ථාව දිය යුතුයි. එදා ඔවුන් විපක්ෂයේ සිටියදී වේදිකාවල කෑ මොරදුන් සියල්ල එකින් එක විසඳීමට ඔවුන්ට හැකි විය යුතුයි. එදා ජනතාව නොමඟ යවන ප්‍රකාශ රැසක් ඔවුන් විසින් සිදු කළා. රාජපක්ෂ කඳවුරට විවිධ අවලාද නැඟුවා. නමුත් සත්‍ය කෙදිනක හෝ ජය ගන්නා බව අපි දන්නවා. පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර මැතිවරණයට අපේ දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත්ව සිටිනවා. ඔවුන් ජය පැරදුම හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි පිරිසයි. දේශපාලනඥයා එසේ සිටිය යුතුයි. මෙවර පාර්ලිමෙන්තුවට පක්ෂ රැසකින් අලුත් පිරිසක් ඉදිරිපත් වෙලා තිබෙනවා. පරණ මුහුණු කිහිපයක් තියෙනවා. නමුත් පාර්ලිමේන්තුවට විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් ඇති පිරිසක් අපි නියෝජනයක් සිදු කළ යුතුයි. මාතලේ දිස්ත්‍රික්කය කියන්නේ සෑම සම්පතක්ම ඇති දිස්ත්‍රික්කයක්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT