Saturday, May 10, 2025
Home » මාලිමාව කළ අසත්‍ය ප්‍රකාශවලින් අපේ ඡන්ද පදනම දිය වෙලා ගියා

මාලිමාව කළ අසත්‍ය ප්‍රකාශවලින් අපේ ඡන්ද පදනම දිය වෙලා ගියා

හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

by mahesh
October 25, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

රාජපක්ෂවරුන් උගන්ඩාවට ඩොලර් යැවූ බවට අසත්‍ය ප්‍රකාශ කළ මාලිමාව එම බොරුව දැන දැනම ප්‍රකාශ කළ බවට පිළිගෙන ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඉකුත්දා (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ජනාධිපතිවරණ වේදිකාවේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ කොට ගනිමින් ඒ අය උපුටා ගනිමින් වෙනත් දේශපාලන පක්ෂ පවා මේ කාරණය ප්‍රචාරය කරන්න උත්සාහ කළා.

අපේ ආණ්ඩුවේ ඇතැමුන් විසින් උපයන ලද ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් උගන්ඩාව නමැති රාජ්‍යයේ ගබඩා කර තිබෙනවා කියලා. දැන් ඒවා කියූ පිරිසම ඡන්දයට පස්සේ කියනවා, නෑ එහෙම එකක් නෑ කියලා. ඇත්ත දැනගෙන නිර්මාණය කරන ලද බරපතළ අසත්‍යයක් අද ඔවුන් විසින්ම සමාජයට අනාවරණය කරනවා. මෙහි තිබෙන ඊළඟ නරකම එක තමයි, ඒ අයම බොරුවක් කියලා ඒ බොරුව දැන දැනම කියූ බව ඒ අය විසින්ම පිළිගෙන තිබියදීත් ප්‍රශ්නය අවසන් වෙන්නේ නෑ. ඒ බොරුව වෙනුවෙන් බරපතළ දේශපාලන පිරිවැයක් දරා තිබෙනවා. අපට හිමි ඡන්ද පදනම දිය වෙලා යන්න ප්‍රමුඛ හේතුවක් වුණා, ඒ අය විසින් ගෙන යන ලද මේ දේශපාලන ප්‍රචාරය. මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ඇතුළේ උගන්ඩාවේ සල්ලි කතාවට රැවටිලා, බිත්තර මීට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් ආණ්ඩුවේ කොමිස් ගහන අය නැති දවසකට කියූ කතාවට රැවටිලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ ගහලා තිබෙන ගිවිසුම හරි යන්නේ නෑ, ඔවුන් ආ ගමන් එය වෙනස් කරනවා කියලා බොරුවට රැවටිලා, දේශපාලන හිතෛෂීන්ට තනතුරු දෙන්නේ නෑමයි කියූ බොරුවට රැවටිලා, මේ රාජ්‍ය විධිමත් සංස්කෘතියට ගේනවා කියන බොරුවට රැවටිලා, එකම පවුලේ අය දේශපාලනය කරන සංස්කෘතිය වෙනස් කරනවා කියන බොරුවට රැවටිලා අපේ මිනිස්සු අපව ඇත්හැර ඒ පිරිසට ඡන්දය දෙන්න ගියා. “

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT