Home » තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාර ගැනීමේ අවසන් දිනය මෙන්න

තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාර ගැනීමේ අවසන් දිනය මෙන්න

by chanaka
October 25, 2024 10:15 am 0 comment

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද (25) සිදුකරන බව තැපල් දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 23වැනිදා තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකළ අතර අධිකරණය නියෝගයක් හේතුවෙන් කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත ප්‍රාදේශීය තැපල් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුවන බවත්
ලබන 30වැනිදා පෙර තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු බෙදාහැර අවසන් කිරීමට කටයුතු කරන බවත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT