Home » අපට ගහන මඩ පරා­ජය කර මැති­ස­බ­යට මන්ත්‍රීන් තුන­ක්වත් යවන එක කාට­වත් නව­ත්වන්න බෑ

අපට ගහන මඩ පරා­ජය කර මැති­ස­බ­යට මන්ත්‍රීන් තුන­ක්වත් යවන එක කාට­වත් නව­ත්වන්න බෑ

දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ ලසන්ත විජේ­නා­යක

by damith
October 25, 2024 1:03 am 0 comment

දික්වැල්ලේ තිල­ක­රත්න ගාල්ල උතුර සමූහ

අපේ කණ්ඩා­ය­මට ගහන මඩ සියල්ල පරා­ජය කර අපේ ඡන්ද ගොඩ වැඩි කර­ගෙන පාර්ලි­මේ­න්තු­වට මන්ත්‍රී­වරු තුන්දෙ­නෙක් යව­නවා. ඒක නව­ත්වන්න කාට­වත් බැහැයි නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ගාල්ල දිස්ත්‍රික් අපේ­ක්ෂක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නීතීඥ ලසන්ත විජේ­නා­යක මහතා පැව­සීය.

ගාල්ල උළු­වි­ටිකේ පැවති පාක්ෂික හමු­ව­කදී විජේ­නා­යක මහතා මේ බව කීවේය.

එහිදී විජේ­නා­යක මහතා මෙසේ ද කීය.

අපේ ලොක්කට කිව්වා වැට් එක සිය­යට එකො­ළහේ සිට 18ට ගෙනාවා කියලා. රනිල් ලොක්කා උද්ධ­ම­නය තනි ඉල­ක්ක­මට ගෙනාවා. දැන් කර­වල, උම්බ­ල­කඩ, හාල්මැස්සො මිල සියල්ල ඉහළ ගියා. ආණ්ඩු කර පුරු­ද්දක් නැහැ. මොළ හෝදන්න පම­ණයි පුරුද්ද තිබෙන්නේ ආණ්ඩුව ගත්ත ගමන් මිනි­ස්සුන්ට එපා වෙනවා. අපේ කට්ටිය අල බහින කම් ඉන්න ඇහැකි අල තම්බ­න­කම් ඉන්න කැමති නැහැනේ. අපේ උන් උග­න්ඩා­වෙන් ඩොලර් ගේන­කම් බලා ඉන්නවා. හොරු අල්ල­න­කම් බලා ඉන්නවා. පෙට්‍රල් 55ට දෙන­කම් බලන් ඉන්නවා.

මාලි­මා­වට වැඩ කරපු කොල්ලො රොද බැඳ­ගෙන හිනි­දු­ම්ප­ත්තුවේ මාත් එක්ක ඉන්නවා. අපි ඉල්ලුවේ දිනන්න මිස පර­දින්න නොවෙයි. මෙතැන ලොක්කො දෙන්නෙක් ඉන්නවා. හිටපු කැබි­නට් ඇමැ­ති­වරු දෙන්නෙක් ඉන්නවා. කොයි කවු­රුත් ඉතින් මේ දෙන්නට නේ බෙදන්නේ. කමක් නැහැ. ඒක හින්දා මටත් එකක් ගහල දාන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT