Home » ලුණුගල ජනතාව දියනෑ පීල්ලක ජලය හදිසියේ නවතී

ලුණුගල ජනතාව දියනෑ පීල්ලක ජලය හදිසියේ නවතී

අවදානම සොයන්න ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට දැනුම් දෙයි

by mahesh
October 25, 2024 1:00 am 0 comment

සොරණාතොට සමූහ සී.ගමගේ

ලුණුගල, මඩුවත්ත පාසල අසල ජනතාව දිය නෑමට භාවිත කළ ජල පීල්ලක ගලා ගිය ජල පහරක් පෙරේදා (23) හිටිහැටියේ එක්වරම නතර වී යාමත් සමඟ එම ප්‍රදේශයේ නාය යාමේ අවදානමක් තිබේදැයි පරික්ෂා කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ලුණුගල, මඩුවත්ත පාසල අසල පසුගිය (2023) වසරේ ගිලා බැස නායයාමට ලක්වූ බවත්, ඒ අසල ඇති පාසල හදිසි සහන කඳවුරු භූමියක් ලෙසට යොදා ගන්නා බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම නාය යාමට ලක්වූ ස්ථානයට පහළ කුඹුරක ජල පීල්ලක් ඔස්සේ ගලාගිය ජල පහර ජනතාව දියනෑමට වැනි විවිධ අවශ්‍යතා සඳහා යොදා ගත් බවත්, ජල පහර නැවතී දැනට පොළොව අභ්‍යන්තරයේ ගලා බසින බවත්, මේ අවට පවුල් 110ක් පමණ සිටින බව ආපදා සහන සේවා නිලධාරියා පවසයි.

මේ දිනවල මෙම ප්‍රදේශයට වර්ෂාව පතිත වන අතර, වර්ෂාවත් සමඟ නාය යාමේ අවදානමක් මතුවිය හැකි හෙයින් මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා පරික්ෂා කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් දැනුම්වත් කළ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT